කොරෝනා වෛරසය හේතුවෙන් ආර්ථික අපහසුතා ඇති ජනතාවට සහන සැලසීමට රජය තීරණය කළේ ය. ඒ අනුව සමෘද්ධි අමාත්‍යංශය යටතේ අංශ කිහිපයකින් ජනතාව වෙත මුල්‍ය පහසුකම් ලබාදීමට ක්‍රියා කෙරිණි. සමෘද්ධි ලාභීන්ට , සමෘද්ධී බලාපොරොත්තුවෙන් සිටි අයට මෙන්ම ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා ද මෙහිදී මුදල් ලබා දීම සිදු කළේ ය. මේ වන විට එම අංශ තුන යටතේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 176761 කට රුපියල් 5000 සේ දීමනාව ලබා දී ඇතැයි , දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ අනුරාධ දිසානායක මහතා සඳහන් කරයි. තවත් සුළු පවුල් සංඛ්‍යාවකට මුදල් ලබා දීමට ද තිබේ. දැනට පවුල් අතර බෙදා දුන් මුළු මුදල අසූ අට කෝටි හතලිස් එක් ලක්ෂ අනු දෙදහසකි.
ඒ අනුව සමෘද්ධි ලාභීන් ඇතුළු පවුල් 76993 ක් සඳහා සහන පියවර හා අරුණළු සහන ක්‍රම යටතේ රුපියල් තිස් අට කෝටි හතලිස් නව ලක්ෂ හතලිස් හත්දහසක මුදලක් බෙදා දී තිබේ. සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටි තවත් පවුල් 43692 ක් වෙත ලබාදුන් මුදල විසි එක් කෝටි අසූ අට ලක්ෂ හැටපන්දහසක්. මීට අමතරව ජීවනෝපාය අහිමි පවුල් ලෙස පවුල් 69164 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එයින් මේ වන විට පවුල් 56076 කට 5000 සේ දීමනාව ලබා දී තිබේ. එය ප්‍රතිශතයක් වශයෙන් 81% කි. ඒ අනුව ජීවනෝපායයන් අහිමි පවුල් සඳහා ලබා දුන් මුදල විසි අට කෝටි තුන්ලක්ෂ අසූදහසකි. ඉතිරි පවුල් සඳහා ද මුදල් ලබා දීම මේ වන විටත් සිදුවේ.
මෙම දිමනාව ලැබීමට සුදුසු තවත් අය සිටී නම් එම පවුල් වලට අභියාචනා ඉදිරිපත් කළ හැකියි. එම පවුල් වල අභියාචනා සලකා ග්‍රාමීය කමිටුවල නිර්දේශ හා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය ඇතිනම් ඔවුන්ට ද මෙම පන්දහසේ දීමනාව ලබා දීමට කටයුුතු කළ හැකි බව දිස්ත්‍රික් අධ්යක්ෂවරයා කි ය. එමෙන්ම විදෙස්ගතව අසරණභාවයට පත්ව සිටින පිරිස් වලට ද ඒ බව තහවුරු කරන්නේ නම් පන්දහසේ දීමනා ලබාගැනීමට හැකියාව තිබේ. රුපියල් පන්දහසට අඩු මාසික විශ්‍රාම වැටුපක් ලබන පිරිස් , අප්‍රේල් මාසයේ දී රුපියල් 5000 ට අඩු වැටුපක් ලද පිරිස් අදීන් ද සිටී නම් ඔවුන්ට ද එම පන්දහසට අඩු මුදල ලබා ගැනීමට අවස්ථාව තිබේ.