අනුරාධපුර දිස්ත්‍රික් කෘෂි සංවර්ධන ක්‍රියාකාරී කමිටුව අද රැස්විය. ඉදිරියේ යම් ආකාරයක ආහාර හිඟතාවක් ඇතිවුව හොත් ඊට මුහුණු දීම සඳහා අහාර බෝග වගා ව්‍යාප්තිය වැඩිදියුණු කරන ආකාරය පිලිබදව මෙහීදි සාකච්ඡා කලා. කමිටුව රැස් වූයේ , උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ත් , දිස්ත්‍රික් මහ දිසාපති තුමා හා පළාත් ප්‍රධාන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙනි. “සෞභාග්‍යා,, ගෙවතු වගා වැඩසටහන පිළිබඳවත් මීට අමතරව යල කන්නයේ වගා කටයුතු පිලිබඳවත් මෙහිදී දීර්ගව කරුණු සාකච්ඡා විය. 
රාජාංගන ව්‍යාපාරයේ වගා කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අරඹා තිබේ. වී වෙනුවට අතිරේක බෝග වගාවට විශේෂ අවධානයක් ලබා දී ඇත. එමෙන්ම පදවිය , හුරුළුවැව , විලච්චිය , මහකනදරාව වැනි ‍කෘෂි ව්‍යාපාර වලට සියයට පනහක පමණ ප්‍රතිශතයකට මෙවර යල කන්නයේ දී අතිරේක බෝක වගාව සඳහා අවධානය යොමුකර තිබේ. එමෙන්ම මහවැලි ව්‍යාපාරය යල කන්නයේ වගාවන් වල දී 80 % ක ප්‍රතිශතයකින් අතිරේක බෝග වගා කෙරේ. ආයනයනය කරමින් තිබූ විවිධ ආහාර වර්ග වෙනුවට විකල්ප බෝග වගා කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ඒ අනුව කව්පි , මුං , තල , වැනි ධාන්‍ය වර්ගත් , කහ , ඉඟුරු වැනි බෝග වර්ගත් , මිරිස් සහ අනෙකුත් එළවළු වර්ගත් වගා කිරීමට අපේක්ෂා කරයි. ඊට අමතරව තල , උඳු වැනි බෝග කෙරෙහි ද අවධානය යොමුකර ඇත. 
පලාත් කෘෂිකර්ම දෙපාර්තමනේතුව යටතේ ගෙවතු 3000 ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ග්‍රාම සංවර්ධන දෙපාර්තමෙන්තුව ද ගෙවතු 3000ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරයි. 
මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාර වරයා සඳහන් කළේ , කොරෝනා උවදුර මැඩීමට වෙහෙසෙනවා මෙන්ම කෘෂීකාර්මාන්තය පෙරට වඩා ඉහළ නැන්වීමට දැන් සටන් වැදිය යුතු බවයි. විශේෂයෙන්ම අනුරාධපුරයෙන් ආහාර නිෂ්පාදනයේ වැඩි ධාරිතාවක් රටම බලාපොරොත්තු වන බව ද එතුමා සඳහන් කළේ ය. මෙම කමිටුවල ගන්නා තීන්දු එලෙසම ක්‍රියාත්මක විය යුතු බවත් , මේ අවස්ථාවේ දී එය සෑම නිලධාරියෙකුගේම භාරදූර වගකීමක් බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළා. 
ක්‍රියාකාරී සැලැස්මක් ඔස්සේ මෙම වගා කටයුතු අඛණ්ඩව සිදුකිරීමට බිම් මට්ටමේ සිට සියලු නිලධාරීන් දැනුවත් කර ඇති බව දිසාපති ආර්.එම්. වන්නිනායක මහතා කමිටුව හමුවේ කියා සිටියා .ඒ අනුව මෙම වගාවන් සම්බන්ධ ප්‍රගතිය සති පතා සමාලෝචනය කෙරෙනු ඇති. 
ගොවී කටයුතු වල නිරතවන පිරිස් ගම් මට්ටමේ සිටින නිසා ඔවුන්ට අපහසුවකින් තොරව තම ගොවි බිම් වෙත යාමටත් , කෘෂි රසායන මිල දී ගැනීමටත් අවශ්‍ය ඉඩකඩ සුදුසු පරිදි ලබා දීමට අපේක්ෂා කරන අතර ඒ පිළිබදව පොලීසි දැනුවත් කිරීමට ද නියමිතයි. එමෙන්ම ඇඳිරිනීති සමයේ වුවද කෘෂි රසායන , කෘෂි උපකරණ අලෙවි සැල් මගින් එම අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය සහන ගොවීන්ට වෙත ලබාදීමට ද සැලසුම් කෙරේ.

92458720 228440438272104 8967063124662288384 o