73 වන නිදහස් දිනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික් උත්සවය 2021.02.04 දින උදෑසන පවත්වන ලදි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ උතුරුමැද පලාත් ආණ්ඩුකාරවර ගරු මහීපාල හේරත් මැතිතුමායි. ආණ්ඩුකාරතුමා පිළිගනු ලැබූයේ, දිස්ත්‍රික් ලේකම් නීතීඥ ආර්.එම්.වන්නිනායක මහතා විසිනි. ආණ්ඩුකාරතුමා විසින් ජාතික ධඡය එසවීමෙන් පසුව පොලිස් ආචාර පෙළපාලිය ආණ්ඩුකාරතුමාගේ නිරීක්ෂණයට ලක් විය. අනතුරුව ජාතිය වෙනුවෙන් දිවි පිදූ උදාර රණවිරුවන් සිහිපත් කලේය.
බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික වතාවත් පැවැත්වීම පසුව ආරම්භ විය. පසුව දිස්ත්‍රික් ලේකම් විසින් පැමිණි සම්භාවනීය පිරිස් පිළිගත් අතර ඉන් අනතුරුව දිසාපතිවරයා නිදහස අලලා විශේෂ අදහස් දැක්වීමක් ද කරන ලදි. නිදහස සිහිගන්වන සංස්කෘතිකාංග කිහිපයකින් ද උත්සවය හැඩ විය. නර්තනාංග ඉදිරිපත් කළේ , පලාත් නර්තන කණ්ඩායමයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු උද්දික ප්‍රේමරත්න මැතිතුමා ඇතුළු මැති ඇමතිතුමන්ලා ද මේ අවස්ථාවට සභාගී වූහ. පළාත් ප්‍රධාන ලේකම් , අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් රුවන් බණ්ඩාර නවරත්න , සහකාර දිස්ත්‍රික් ලේකම් අයෝමි රත්නායක , ඇතුළු පලාත් සභාව , දිස්ත්‍රික් ලේකම් කාර්යාලය , හා දිස්ත්‍රික්කයේ අනෙකුත් රජයේ කාර්යාල නියෝජනය කරන විශාල නිලධාරින් පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.