වර්ෂ ආරම්භ පිරිත් පිංකම හා දානමය පුණ්‍ය කර්මය ඉතා උත්කර්ෂවත් ලෙස 2021.01.08 දින රාත්‍රි සිට පහන් වන තුරු පැවැත්වින. අනුරාධපුර දිසාපති/ දිස්ත්‍රික් ලේකම් නීතීඥ ආර්.එම්. වන්නිනායක මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ එකමුතුව මෙවර මෙම පිරිත් පිංකම සංවිධානය කරන ලදි. එමෙන්ම භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යංශයේ දායකත්වය උදෑසන දානමය පුණ්‍යකර්මය ඉතා අලංකාර ලෙස සංවිධානය කර තිබුණි.